ඛනිජ තෙල් නීති ගත සංස්ථාව විසින් 2022 වර්ෂයේ බොර තෙල් මිල දී ගැනීමේ දී මිල තීරණය කිරීම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876ක අතිරේක පිරිවැයක් සංස්ථාවට දැරීමට සිදු වී ඇති බව පසුගිය 26 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ දී ආනයනය කරනු ලැබූ බොර තෙල් බැරල් විසි ලක්ෂ විසි තුන් දහස් පන්සිය නවයකට (2,023,509) අදාළ ගෙවීම් කිරීමේ දී වෙනස් මිල දර්ශක යොදා ගෙන ගෙවීම් කොට තිබූ බවද එම විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඒ ඒ නිෂ්පාදනවලට අදාළ ව සිංගප්පූරුවෙහි දෛනික මිල දර්ශනයට අනුව ගණනය කරන ලද මිලට සාපේක්ෂව සංස්ථාව විසින් සැපයුම් කාර සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 49ක් හෙවත් අදාළ ආනයන සටහන්කරයේ සඳහන් විනිමය අනුපාතය පදනම්ව ගණනය කරනු ලැබූ රුපියල් මිලියන 17.876ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබූ බවද මෙම නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.










