පළාත් පාලන ඡන්දය පවත්වන්න – පැෆරල් අගමැතිට ලියයි

පළාත් පාලන ඡන්දය පවත්වන්න – පැෆරල් අගමැතිට ලියයි

සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉල්ලා ඇති රුපියල් බිලියන 10ක මුදලින් රුපියල් බිලියනයක මුදලක් මේ වනවිටත් මුල් අදියරේ මැතිවරණ කටයුතු සඳහා වැය කර ඇති බවද පැෆරල් සංවිධානය විසින් යොමු කළ ලිපිය මගින් අගමැති හට පෙන්වා දෙනු ලැබ ඇත.

එමෙන්ම ඡන්ද විමසීම නොපැවැත්වුවහොත් අපතේ යන එම රුපියල් බිලියනයක මුදලට වගකිව යුතු වන්නේ කවුරුන්දැයි යන්න එම ලිපිය මගින් පැෆරල් සංවිධානය අගමැති දිනේෂ් ගුණවර්ධනයෙන් සෘජුවම ප්‍රශ්න කර සිටී.

Facebook
Twitter
LinkedIn