පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසුව පරප්පාඩු වූ එම ධුර සඳහා ඇමති හරීන් ප්‍රනාන්දුට ඇමති පවිත්‍රා වන්නිආරච්චි ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
ඒ අනුව සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු දැනට දරන එම ඇමති ධුරයට අමතරව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ධුරයද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි දැනට දරණ එම ඇමති ධුරයට අමතරව වාරිමාර්ග ඇමති ධුරයදී ලබා දී ඇත.
ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ එම නව ඇමති ධුරවල දිවුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයද සඳහන් කරයි.
Views: 0










