නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පුද්ගලයන් පත් කිරීමේදී එම පත් කළ යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද යෝජනාත් ලැබී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම 22 වන සංශෝධනයේ පවතින නීතිමය අඩුපාඩු හේතුවෙන් ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට නොහැකි වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් දොස් පැවරීමෙන් පලක් නැති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා සිටින බවද ඔහු පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව පැවසූවේ ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි.
Views: 0










