විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සතොසට මිලියන 138ක පොල්ලක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සතොසට මිලියන 138ක පොල්ලක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් ලංකා සතොස ආයතනයට ගෙවියයුතු රුපියල් දහතුන්කෝටි අසූහය ලක්ෂයක (රු. 138,600,000) මුදලක ගෙවීමක් පැහැරහැර ඇති බව අනාවරණය වේ.

මෙම මුදල ගෙවන ලෙස දන්වමින් මේ මස 16 වනදා ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විසින් ලිඛිතව දැනුම් දී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වොක්ෂෝල් අලෙවිසැලෙන් 2023.10.11 වනදා උක්ත මුදලේ වටිනාකමට රුපියල් 2500ක වව්චර් පත් 28,000ක් සහ 5000ක වව්චර් පත් 14,000ක් ලබාගෙන ඇත. ඒ සඳහා ගෙවියයුතු රුපියල් දහතුන්කෝටි අසූහය ලක්ෂයක (රු. 138,600,000) මුදල දින 07ක් ඇතුළත ගෙවන බවට පොරොන්දු වී ඇත් බවත් එම පොරොන්දු ප්‍රකාරව අදාල මුදල මෙතෙක් ගෙවා නැති බවත් උක්ත ලිපියෙන් අනාවරණය වේ..

Facebook
Twitter
LinkedIn