පොහොට්ටුවෙන් සම්මත කළ රනිල්ගේ අයවැයේ බොරු මෙන්න

පොහොට්ටුවෙන් සම්මත කළ රනිල්ගේ අයවැයේ බොරු මෙන්න

ලබන 2024 වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර පොහොට්ටු මන්ත්‍රීවරු සහ සජබ මන්ත්‍රීවරු පිරිසක් විසින් සම්මත කරන ලද අයවැය තුළ ව්‍යාජ දත්ත රැසක් පවතින බව හෙළි වෙමින් තිබේ.

විශේෂයෙන්ම අයවැය කතාව සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශනයේ 25 වෙනි පිටුවේ සඳහන් “කිරි නිෂ්පාදනය” යන අනු සිරස්තලය යටතේ පවතින සංඛ්‍යා දත්ත ව්‍යාජ ඒවා බව හෙළි වේ. එහි සඳහන් කර තිබෙන්නේ පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට විකුණා දැමීමෙන් පසුව “ඉදිරි වසර 05ක් තුළදී දේශීය කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20ක් දක්වා පස් ගුණයකින් වැඩි කරන” බවය.

එහෙත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත අනුව පසුගිය 20 වෙනි ‘අද’ පුවත්පත දේශීය කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාලේඛන අයවැය කතාව සමග විශාල පරස්පරතාවකින් යුක්තය. අයවැය කතාවේදී ඉදිරි වසර 05ක් තුළ දේශීය කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 20 දක්වා පස් ගුණයකින් වැඩි කරන බව සඳහන් කර තිබුණද අද පුවත්පත හෙළි කර තිබෙන සංඛ්‍යා අනුව මේ වනවිට දෛනික දේශීය දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියනයක් පමණි. මේ අනුව අයවැය කතාවේ සඳහන් ඉලක්කයට යාමට නම් දෛනික කිරි නිෂ්පාදනය 20 ගුණයකින් වැඩි කළ යුතුව තිබේ.

Facebook
Twitter
LinkedIn