පොහොට්ටුව පසුගිය වසරටත් වඩා ඉහළින් අයවැය සම්මත කරලා…

පොහොට්ටුව පසුගිය වසරටත් වඩා ඉහළින් අයවැය සම්මත කරලා…

ලබන (2024) වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයැවය දෙවනවර කියවීමට ඊයේ (21) පැවැත්වූ ඡන්ද විමසීමේදී එයට පක්ෂව පසුගිය (2023) අයවැයටත් වඩා ඡන්ද ලබාදී ඇති අතර විරුද්ධව ලබා දී ඇති ඡන්ද සංඛ්‍යාව අඩු වී තිබේ.

අයවැයට පක්ෂව මෙම වසරේදී ඡන්ද 121ක් ලබා දී තිබූ අතර ලබන වසර වෙනුවෙන් සම්මත කළ අයවැයට ඡන්ද 122ක් ලබා දී ඇත. එමෙන්ම අයවැයට විරුද්ධව පසුගිය වසරේදී ඡන්ද 87ක් ලබාදී තිබූ අතර මෙම වසරේදී එය 77 දක්වා අඩු වී ඇත.

ගියවසරේ නොපැමිණි මන්ත්‍රීන් සංඛ්‍යාව 18ක් වී තිබූ අතර මෙම වසරේදී එය 25ක් වී තිබිණි.

මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පසුගිය වසරට වඩා ශක්තිමත් කැපවීමක් රාජ්‍යපක්ෂලාගේ පොහොට්ටු පක්ෂය විසින් ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn