මේ වනවිට වෙළෙඳපොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇති බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් දුෂ්කරතාවට පත් ව ඇති බවත් වාර්තා වේ.
ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමිමට පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගත්තේය. මෙලෙස බදු වැඩි කිරීමත් සමඟ තොග වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර වෙළඳපොලේ සිල්ලර සීනි මිලද ඉහළ ගියේය.
එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් ලෙසිනි.
ආණ්ඩුවේ උපරිම සිල්ලර මිලට සීනි අලෙවියේදී රුපියල් 40ක පමණ පාඩුවක් සිදුවන බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති. එමෙන්ම පිටකොටුව තොග වෙළෙඳුන් සඳහන් කරන්නේ, අලෙවිය සඳහා සීනි තොග නොලැබෙන බවය.
Views: 0










