ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිවල වාර්තාවන ආකාරයේ උපදේශක තනතුරක් ලබා දුන් බවත් එවකට මහජන ආරක්ෂක ලේකම්ව සිටි මේජර් ජෙනරාල් ජගත් අල්විස් විසින් එයට අනුමැතිය නොදුන් නිසා එම තනතුර තමන් බාර නොගත් බවත් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
එම තනතුර බාර නොගන්නා බව සඳහන් කරමින් තමන් 2021.11.05 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0










