බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් පිරිනමා ඇති බවට වූ තොරතුරු මේ වනවිට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබේ.
ඒ වෙනුවෙන් ඔහුට මාසිකව රුපියල් එක් ලක්ෂ පනස් දහසක (රු. 150,000) වැටුපක්, මාසිකව ලීටර් 200ක ඉන්ධන දීමනාවක්, මාසිකය රුපියල් 5,000ක දුරකථන දීමනාවක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් සහ වෛද්‍ය රක්ෂණයක හිමිකමක් ලැබී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනි අභිමතය පරිදි තීරණය කරනු ලබන වාර්ෂික ප්‍රසාද දීමනාව හෝ පාරිතෝෂික ගෙවීම් සඳහාද ඔහු හිමිකම් කියා ඇත.
ඔහු 2021 වසරේ අගෝස්තු 16 වන දින සිට 2023 අගෝස්තු මස 15 දක්වා වසර දෙකක කාලයක් මෙලෙස උපදේශක ආරක්ෂක සහ මාෂලින් උපදේශක ලෙස කටයුතු කර තිබේ.
මෙහිදී සුවිශේෂීම කාරණය වන්නේ ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රහසිගත තොරතුරු කිසිදු ආකාරයෙන් පිටත පාර්ශවයකට හෝ මාධ්‍ය වෙත ලබා නිදීමට එකඟතාවකට පත්ව තිබීමයි.










