2024 අයවැය අද පාර්ලිමේන්තුවට‍

2024 අයවැය අද පාර්ලිමේන්තුවට‍

බලන 2024 වසර වෙනුවෙන් රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7,326ක් පියවා ගන්නා ආකාරය පැහැදිළි කරන කරුණු ඇතුළත් අයවැය කතාව, ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය නිදහස් ලංකාවේ 76 වෙනි අයවැය ලේඛනය වන අතර ණය වාර්ක සහ පොලිය ගෙවීම වෙනුවෙන් පමණක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4,000ස ඉක්මවූ වියදමක් දැරීමට සිදුවන පසුබිමක සහ ලෝකය ඉදිරියේ රට බංකොලොත්බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ඉදිරිපත් කරන දෙවන අයවැය ලෙසද පවතී.

Facebook
Twitter
LinkedIn