ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ලබන 2024 වසරේ ජනවරි මස සිට ඉන්ධන සඳහාද 18%ක වැට් බද්ද හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී යෝජනා කර ඇත.
මෙම බදු වැඩි කිරීමත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10%කින් පමණ ඉහළ යා හැකි බවද එහිදී සාකච්ඡා වී තිබේ.
මෙතෙක් පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම වැට් බද්ද අය නොකළ අතර මෙම යෝජනාවලට අනුව ගල් අඟුරු සඳහාද ලබන වසරේ සිට මෙම 18%ක බද්ද අය කිරීම විදුලි ගාස්තුව වැඩි වීමටද යළි බලපානු ඇත.
ඉදිරියේ දී මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමටද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී යෝජනා වී ඇත.
Views: 0










