තැපැල් වර්ජනය සටන් ඉතිහාසයේ ඓතිහාසික කඩඉමක්

තැපැල් වර්ජනය සටන් ඉතිහාසයේ ඓතිහාසික කඩඉමක්

ඊයේ (10) නිමාවට පත් වූ ඒකාබද්ධ තැපැල් පෙරමුණ සංවිධානය කළ පැය 48ක සංකේත වැඩවර්ජනය මෙරට වෘත්තීය සමිති අරගල ඉතිහාසයේ දැවැන්ත කඩිනමක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම වැටුප් වැඩිකරගැනීම ඇතුළු වෘත්තීය අයිතිවාසිකම් ඉක්මවා ගිය ජාතික වැදගත්කමකින් යුතු කරුණු මුල් කර ගනිමින් දියත් කළ වර්ජනයක් මෙලෙස ඓතිහාසික වැදගත්කමකින් යුතු වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැපැල්පතිට තර්ජනය කරමින් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකුණා දැමීමට ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව මෙම සංකේත වැඩවර්ජනය දියත් කර තිබිණි.

මේ වනවිට වෘත්තීය සමිති ගණනාවක් ජාතික වැදගත්කමකින් යුතු අරමුණු වෙනුවෙන් අරගල දියත් කිරීමට පෙළගැස්මින් සිටිති. විදුලි බල, ඛනිජ තෙල්, වරාය යන වෘත්තිය සමිති මේ අතරින් පෙරමුණ ගෙන සිටී.

Facebook
Twitter
LinkedIn