ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පැනනැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේදි කරුණු පැහැදිලි කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සිදු කළ කතාවෙන් ජනාධිපති මාධ්‍ය අංශය, නීතිපති සහ අංක 103 අධිකරණය යන ආයතන 03 පිළිබඳව මෙතෙක් හෙළි වී නොතිබුණු කරුණු රැසක් හෙළි කරනු ලැබීය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය අපරාධ පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් හෙළි කර තිබූ කරුණු අනුව අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණද ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නැති බව හෙළි කරනු ලැබීය. එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය බොරු ප්‍රවෘත්ති බෙදාහැරීම පිළිබඳවත් අභියාචනාධිකරණයේ අංක 103 ශාලාවෙන් ලබැදියාවන් මත තීන්දු ලබා දුන් බවට හෙළි කරනු ලැබීය.
Views: 0










