මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සහ තවත් එජාප අපේක්ෂකයෙකුගේ රූප සහ පක්ෂ ලාංචනද මනාප අංකද සහිතව ව්‍යාජ රුපියල් 1000හේ නෝට්ටුවක් මුද්‍රණය කර තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි මුදල් නෝට්ටු අධ්‍යාපණික කටයුතු සඳහා මුද්‍රණය කරන අතර එහි එය සත්‍ය මුදල් නොට්ටුවක් නොවන බවත් පරිහණය සඳහා සුදුසු නොවන බවත් සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.
එහෙත් මෙම මුදල් නොට්ටුව පරිහරන සඳහා නොසුදුසුය යන්න වෙනුවට ඉතා පැහැදිළිව “ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය” යනුවෙන් සඳහන් කර ඇත.
මූල්‍ය ක්ශේත්‍රයේ නීති විශාරදයින් පවසන්නේ මෙය නීතිවිරෝධී කටයුත්තක් බවට බොහෝ දුරට අධිකරණයක් ඉදිරියේදී නිර්වචනය විය හැකි බවත් මැතිවරණය සඳහා ප්‍රචාකර ආකෘතියක් ලෙස මෙවැනි දෑ සිදු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බවත්ය.











