රට බංකොලොත් තත්වයට ඇද දමා තිබියදී විදේශ විනිමය වැය වීම් සහ රට තුළ වියදම්ද අවම කර ගන්නවා වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව තවදුරටත් අති විශාල මහජන ධනයක් විනාශ කරමින් සිටී.
මේ සඳහා ආසන්න නිදර්ශනය වී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට රට පුරා කරක්ගසමින් මහජන ධනය නිරපරාදේ නාස්ති කර දැමීමයි. එයින් නොනැවතී නිල කටයුතු සඳහා විදේශීය අමුත්තන් ජනාධිපති සිටින ස්ථානවලට ගෙන්වා ගැනීම්ද සිදු කරයි. එයට ආසන්නම නිදර්ශනය වී තිබෙන්නේ මෙරටට අලුතින් පත්ව ආ තානාපතිවරු 10 දෙනෙකුගේ අක්තපත්‍ර බාරගැනීම සඳහා මහනුවරට කැඳවා ගැනීමය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබෙන නිවේදනයකට අනුව රටවල් 10ක තානාපතිවරු මෙසේ මහනුවරට කැඳවාගෙන තිබේ. ඒ වෙනුවෙන් ඉන්ධන ඇතුළු විදේශ විනිමය වැයවන අමතර කරුණු රැසක්ද රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවේ නිර්මාණය වේ.
Views: 0










