IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගයේ මැද තිබූ අඩි 06ක පමණ වතුර වළකට පියෙකු සහ දියණියක ඇද වැටී මේ වනවිට දින 47ක් පමණ ගතව ඇතත් මෙතෙක් එම මාරකය වස දැමීම කිසිවෙකුත් කටයුතු කර නැත.
ජාතික ජලාපවහන මණ්ඩලයට අයත් නළයක් පුපුරායෑමෙන් එම ස්ථානයේ මෙලෙස වළක් සෑදී තිබූ අතර පසුව අනාවරණය වූයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් සිදුකළ නඩත්තු කටයුත්තකින් පසුව එම නළය පුපුරා ගොස් තිබූ බවය.
කෙසේ වෙතත් එහි නඩත්තු කටයුතු කළ පුද්ගලික සමාගම, ජාතික ජලාපවහන මණ්ඩලය හෝ මාර්ග සංවර්ධන අධිකාරය මෙම වළ නිසි අයුරින් වසා දැමීමට හෝ අනතුරු ඇඟවීමේ පුවරුවක් සවි කිරිමට කටයුතු කර නොතිබිණි.
අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් පෝට් සිටි ප්‍රදේශයට ජලය ගෙන යාම සඳහා උක්ත අනුතුර සිදුවීමට මාසයකට පමණ පෙර පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉදිකිරීමක් සිදු කර ඇති අතර එම වළට සිසුවිය සහ පියා වැටී තිබුණේ එම ස්ථානයට ආරක්ෂාවක් සපයා නොතිබූ පසුබිමකය.
මෙම සිද්ධිය සම්බන්ධයේන අදහස් දක්වමින්, තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට පුද්ගලික කොන්ත්‍රාත්කරු එම අනතුර සිදු වූ අවස්ථාවේ පැවසූ අතර ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය සඳහන් කර තිබිණි.
මෙම වළ හට ගෙන ඇත්තේ වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදා ගත් අමුද්‍රව්‍ය දියවීම හේතුවෙන් යැයිද පුද්ගලික කොන්ත්‍රාත්කරු වැඩිදුරටත් පවසා තිබිණි.
එදා සැප්තැම්බර් 19 වනදා එම පියාගේ සහ දියණියගේ දිවි රැකුණේ මාර්ගයේ එම අවස්තාවේ ගමන් කරමින් සිටි ජනතාවගේ මැදිහත්විම හේතුවෙන් වන අතර මෙතෙක් එම වළ වසා දැමීමට කටයුත නොකිරීම තුළින් මගී ජීවිත රැසක් අනතුරේ හෙළා තිබේ.
ආශ්රිත පුවත්
IDH වළේ ප්‍රශ්නයට කැකිල්ලේ තීන්දුවක් !










