අපි මෙතුවක් කල් දැනගෙන තිබ්බේ ඇමරිකාව හොයාගත්තේ ක්‍රිස්ටෝපර් කොලම්බස් කියාය. එය සත්‍යය නොවන බව දැන් ලංකාවේ කාට කාටත් පසක් වී ඇති බවට ශුවර්ය. ඇත්තෙන්ම ඇමරිකාව හොයාගත්තේ කොලොම්බස් නොව කම්බස් වුන කොලොම්බු සිට පසුගිය සතියේ සංචාරය ඇරඹූ අනුර කුමාරය. අපේ රටේ මිනිහෙක් විසින් සිදුකල මේ වික්‍රමය ගැන උද්දාම විය යුතු මොහොතක සුලු පිරිසක් මානසික අවපීඩන තත්වයට පත්වී ඇත. ඒ නිසා මීට පෙර කිසිදාක දැක නැති ඇමරිකාව ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. මන්ද මොල් වූ මේ පිරිස Facebook එකේ, පත්තරවල පමණක් නොව Press Conference පවා පවත්වමින් අනුර හොයාගත් ඇමරිකාව ගැන කයි කතන්දර පවත්වමින් සිටි. මේ පිරිස ප්‍රථම වතාවට ඇමරිකාවේ කොඩිය දැකගත්තේ අනුර කුමාරට පිං සිද්ධ වෙන්නටය. ඇමරිකාව ධනපති රාජ්‍යයක් බව දැනගෙන ඇත්තේද අනුර කුමාරට පිං සිදු වෙන්නටය. ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර Love එකක් තියෙන බව අහුවුනේද අනුර විසින් ඇමරිකාව සොයාගැනීමෙන් පසුවය.
ඇමරිකාව තුළ ලාංකික සම්භවයක් ඇති විශාල පිරිසක් ජීවත් වෙන බව දැක දෑස් නිලංකාර කරගත්තේ LA සහ Houston වලදී අනුරට සවන්දීමට පැමිණ සිටි දැවැන්ත ජනකාය දුටු විටදීය.
මෙය කියවන ඔබ, මෙම ලියුම්කරු විසින් Fantacyයක් අකුරු කර ඇතැයි නොසිතන්න. ඇත්ත වශයෙන්ම ඇමරිකාව හොයා ගත්තේ අනුර කුමාර විසිනි. තවත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවේ ජීවත් වන ලාංකිකයන් සොයාගත් පළමු ලාංකේය දේශපාලඥයා අනුර කුමාරය. දකුණු තට්ටමේ Made in America පච්චය කොටාගෙන සිටින රනිල් වික්‍රමසිංහ වත්, Planeවල යන්න බය නිසා රටින් එලියට අඩියක් වත් නොතියන සජිත් ප්‍රේමදාස වත් ලොවෙත් කරන්න බැරිවූ දේ කළේ අනුර කුමාරය. ඔහු ඇමරිකාවේ ජීවත් වෙන ලාංකිකයන් සොයා ගියේය. ඔවුන් දහස් ගණනින් අනුර වටා එකතු වෙන ආකාරය, අනුරට සවන්දෙන ආකාරය මේ ලිපිය ලියන විට අවසන් වී තිබූ ලොස් ඇන්ජලීස් සහ හූස්ටන් රැස්වීම් ද්විත්වයෙදී මොනවට පැහැදිලි ය. එමෙන්ම දියුණු ප්රජාතන්ත්රවාදි සමාජයක ලක්ෂණයක් වන දේශපාලඥයා විසින් පුරවැසියන්ගේ ප්‍රශ්න, අදහස් සහ යෝජනා සමඟ සම්මුඛ වී සිය විසඳුම් යෝජනා නොපැකිල ඉදිරිපත් කිරිමේ සුවිශේෂි හැකියාව අනුරට හැර රනිල්, සජිත්, රාජපක්ෂ නඩයට නම් ‘ලොවෙත්’ හිතා ගන්නවත් බැරිය. ඉතින් මේ නඩය අනුරගේ ඇමරිකානු සංචාරය ගැන කලබල වෙනවාට හැර වෙන කරන්නට දෙයක් ඇත්තේම නැත. මක්නිසාද යත් අද අනුර කුමාර වටා පෙළගැසෙමින් යන ඇමරිකාවේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ සහ මැදපෙරදිග ජීවත් වන ලාංකිකයන්ගේ එකතුව විසින් නුදුරු අනාගතයේදි ලංකාවේ සිදුවීමට යන වෙනසක (Change) පෙරමඟ ලකුණු පෙන්වමින් සිටින නිසාය.
ඇමරිකාව තුළ Hip hop සංගීතයේ ස්වර්ණමය යුගය වූ 90 දශකයේදී 2pac Shakur විසින් ගායනා කල Changes නම් ගීතය මේ ලියුම්කරුගේ favourite සින්දුවකි. ඒ සින්දුවේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවාය..
That’s just the way it is (Changes)
Things will never be the same..
ඔව්.. ඒක එහෙම තමයි
හැමෝම වෙනස වෙනුවෙන් පෙලගැසෙනවාය..
දෙව්මිත් රාජසිංහ ලියයි.










