විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹ විදුලිබල අමාත්‍යාංශය දක්වා අද (01) පැවැත්වීමට නියමව තිබූ විරෝධතා පාගනම ආරම්භයේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එහිං සංවිධායකයින් ඇතුළු 06 දෙනා ඇප මත මුදාහැර තිබේ.

විරෝධතා පාගමන ආරම්භයේදීම ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් විරෝධතාකරුවන් ඇමතූ මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මෙම පා ගමන හේතුවෙන් මහජන පීඩාවක් සිදු වන හෙයින් පොලිස් ආඥා පනත ප්‍රකාරව පා ගමන නවතා විසිර යන ලෙසට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් මෙම පාගමන වලක්වා ගැනීම සඳහ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිසිට උත්සාහ කළද අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇත.

Facebook
Twitter
LinkedIn