මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන කාලගුණ වෙනස්කම් තවදුරටත් පවතින අතර බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ ගාල්ල, මාතර මාතලේ, නුවරඑලිය, මහනුවර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පළාත් සහ දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසිද, ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 40-45 අතර වේගයෙන් සුළං ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් කර තිබේ.
පෙර සඳහන් කළ පළාත් සහ දිස්ත්‍රික්කවලට අමතරව අද (28) සවස් කාලයේ ඌව, නැගෙනහිර සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව වැඩි දුරටත් සඳහන් කර තිබේ.
Views: 0










