ශරීරයට හානි කරවන ඊ සිගරැට්ටුවක් ලංකාවේ තරුණ පිරිස අතර පැතිරයයි

ශරීරයට හානි කරවන ඊ සිගරැට්ටුවක් ලංකාවේ තරුණ පිරිස අතර පැතිරයයි

ඊ සිගරැට්” වර්ගයේ ප්‍රබල ඇබ්බැහිකාරක ඉලෙක්ට්‍රොනික දුම්වැටි වර්ගයක් මෙරට තරුණ තරුණියන් අතර “ව්‍යාප්ත වෙමින් පවතින බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කරයි.

එහි අඩංගු මත්කාරකය නිකොටින් වන අතර එය ප්‍රබල ඇබ්බැහිකාරකයක් වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ශරීරයට වන හානිදායක තත්වයන් මෙය භාවිතයෙන්ද විය හැකි බවත් මෙහි විවිධ නිෂ්පාදන එක්සත් අරාබි එමිර් රාජ්‍යය නිෂ්පාදනය කරන අතර විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුතු නිෂ්පාදන වෙළෙඳපොළෙන් මේ වනවිට මිලදී ගත හැකි බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වනවිට මෙරට තරුණ තරුණියන් අතර මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි වර්ගය භාවිත කරන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කරන අතර ඉන් පාසල් දරු දැරියන් ආරක්ෂා කරගැනීම මවුපියන්ගේ වගකීම බවද එම මණ්ඩලය අවධාරණය කර සිටී.

Facebook
Twitter
LinkedIn