බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත් නිකුත් කිරීම මේ මස 27 සිට ඔක්තෝම්බර් 02 දක්වා කාලය තුළ අත්හිටුවා ඇති අතර සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත.

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවත් මාර්ගගත ක්‍රමය (online) යටතේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම 2023.09.24 මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දක්වා තාවකාලිකව අත්හිටුවන බවත් බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කේ. චම්පා එන්. පෙරේරා පවසයි.

Facebook
Twitter
LinkedIn