මහ බැංකුවට නව පාලක මණ්ඩලයක්

මහ බැංකුවට නව පාලක මණ්ඩලයක්

මෑතකදී නීතිගතකරනු ලැබූ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලය මේ වනවිට පත් කර තිබේ.

එහි සභාපතිත්වය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් දරන අතර ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නිහාල් ෆොන්සේකා, ආචාර්ය රවී රත්නායක සහ අනුෂ්ක විජේසිංහ යන අය නව පාලක මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

මෙම සාමාජිකයින් මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ත මණ්ඩලයෙහිද සමාජිකත්වය දරනු ලැබේ.

Facebook
Twitter
LinkedIn