හින්දි සිනමා නළුවෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

හින්දි සිනමා නළුවෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

හින්දි සිනමාවේ රංඟන ශිල්පියෙකු වන අඛිල් මිශ්‍රා හදිසි අනතුරකට ලක්ව මියගොස් තිබේ.

මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවූ ඔහු ඔහු රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයන් අතරින් 3 Idiots චිත්‍රපටයේ පුස්තකාලයාධිපති ලෙස රඟපෑ ඩුබේගේ චරිතය සිනමාවේ අතිශය ජනප්‍රිය විය.

ඊට අමතරව අඛිල් මිශ්‍රා දැවැන්ත සිනමා නිර්මාණය ගොන්නකට මෙන්ම රූපවාහිනී නිර්මාණ රැසකට රංගනයෙන් එක්ව ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සිය නිවසේ මුළුතැන්ගෙය තුළදී සිදුවූ අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

Facebook
Twitter
LinkedIn