ආණ්ඩුව පාතාල ගේමකට සූදානම් වෙනවාද?

මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද විශාල ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩ සටහනක් චැනල් 4 නාළිකාව විසිරුවා හැරීමෙන් පසුව, පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව බරපතළ සැක කටයුතු කරුණු ගණනාවක් මතුවී තිබේ.

මේ වනවිට විශ්ලේෂකයන්ගේ වැඩි අවධානයකට ලක් වී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ නදුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා යනුවෙන් හඳුන්වන) අදහා ගත නොහැකි අයුරින් පොලිස් අත්තඩංගුවෙන් පළා යාම සහ ගනේමුල්ලේ සංජීව හිටි හැටියේ ලංකාවට පැමිණීම පිළිබඳව ය.

නදුන් චින්තක වික්‍රමරත්නට අත්තඩංගුවෙන් පළා යාමට උදව් කළ පොලිස් නිලධාරියා අල්ලා ගැනීමට පොලිසිය විසින් මහජන සහාය පතා තිබේ. ඒ අතර ගම්පහ පස් ජාවාරම සම්බන්ධ ප්‍රමුඛ පෙළේ දේශපාලන අනුග්‍රහය ලැබූ පුද්ගලයෙකු වන ගනේමුල්ලේ සංජීව නේපාලයේ සිටහදිසියේ මෙරටට පැමිණීමේදී අත්තඩංගුවට ගනු ලැබීය. ඔහු හදිසියේ පැමිණියේ ප්‍රබළ දේශපාලඥයෙකුගේ අවශ්‍යතාවයක් මත බවට සැක පහළ වී ඇත.

එමෙන්ම නදුන් චින්තක වික්‍රමරත්න අත්තඩංගුවෙන් පළා යාම සහ ගනේමුල්ලේ සංජීවගේ පැමිණීම අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි තවදුරටත් සැක මතුවී ඇත. මේ පිළිබඳ අවධානය යොමු කරන ගවේශනාත්මක මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn