හරීන්ට එරෙහි පාස්කු විමර්ශන නතරකරන්නැයි නීතිපති පොලිසියට දැනුම්දීලා – අධිකරණයේදී හෙළි වෙයි

හරීන්ට එරෙහි පාස්කු විමර්ශන නතරකරන්නැයි නීතිපති පොලිසියට දැනුම්දීලා – අධිකරණයේදී හෙළි වෙයි

පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වත්මන් සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දුට එරෙහිව සිදු කරන විමර්ශන නතර කරන ලෙස නීතිපති පොලිසියට දැනුම් දී ඇතැයි අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඇමති හරීන් ප්‍රනාන්දු මීට කලකට ඉහත දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැක්වූ කරුණු අනුවය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දුට අදාළ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් ජුනි මස 20 වනදා උපදෙස් ලබා දුන් බවය.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නමුත් මෙම පෙත්සමක් ඉදිරියටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එය ලබන 18 වනදා විනිසුරු ජනක් ද සිල්වා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමටද අධිකරණය තීරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්