විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දුරකතන අංක බොහොමයක් පසුගිය දින කිහිපයේදී ක්‍රියාත්මක නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ 1970 ක්ෂණික දුරකතන අංකය අද (13) දිනයේද ක්‍රියාත්මක නොවූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් වාර්තා වේ.
එසේම එහි මධ්‍යගත අංශයට ඊයේ (12) දවස පුරා දුරකතන ඇමතුම් ගත්තද එම කිසිම ඇමතුමකට එහි නිලධාරීන් පිළිතුරු ලබා නොදෙන බවද එම අංශයේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මේ අතර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දෙන බොහෝ දුරකතන අංකද ක්‍රියාත්මක නොවන බවත් බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන අංකවලට ඒවායේ නිලධාරීන් ප්‍රතිචාර නොදැක්වී මේ ස්වභාවයක් මතුව ඇති බවත් වාර්තා වේ.
සමහර ආයතනවල ජනතාව වෙනුවෙන් හඳුන්වාදී ඇති ක්ෂණික දුරකතන අංක පවා ක්‍රියාත්මක නොවන තත්වයකට පත්ව ඇතැයිද වාර්තා වේ.
මූලාශ්‍ර ලංකාදීප
97










