ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරනවා

ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරනවා

ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

ඉන්ධන බෙදුම් කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමතයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අළෙවි කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය කංචන විජේසේකර වැඩි දුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn