දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරන බව ඇමති බන්දුල කියයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරන බව ඇමති බන්දුල කියයි

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බවත් තමන් එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසූවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බවද ඔහු සඳහන් කරයි.

“මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා. අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහජනයාට අත්‍යාවශ්‍ය සේවය පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්නත් කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළ අනෙකුත් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ අනෙක් සේවකයිනුත් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.” යැයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn