පුටින්ගේ ආරක්ෂාව සහතික කරන බව බ්‍රසීල ජනපති කියයි

පුටින්ගේ ආරක්ෂාව සහතික කරන බව බ්‍රසීල ජනපති කියයි

ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන G20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට තමන් සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා තිබේ.

බ්‍රසීල ජනපති මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ පැවැත්වෙන මෙවර G20 සමුළුවට සහභාගී වී සිටින අතරතුර ඉන්දීය මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් G20 සමුළුවට සහභාගී වීමෙන් වැළකී සිටී.

කෙසේවෙතත් ලබන වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන G20 සමුළුව සඳහා රුසියානු ජනාධිපති සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා අතර බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තම රට තුළ දී ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවද බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත.

Facebook
Twitter
LinkedIn