චැනල් 4 වීඩියෝවෙන් ආණ්ඩුව කැළඹේ

චැනල් 4 වීඩියෝවෙන් ආණ්ඩුව කැළඹේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අදාළ වාර්තා විසුරුවා හැරිමටත් පෙර එහි කරුණු පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන බව ඇමති මනූෂ නානයක්කාර ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෑත කාලයේ රටේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක ජනතාවගේ අවධානය වෙනතක යොමු කර යට ගැසීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කරනු ලැබීය. මෙම වීඩියෝව පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව ඇමති මනූෂ නානයක්කාර ප්‍රකාශ කිරීම ද විශේෂත්වයක් වී තිබේ. ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ ආසන්න කාලයේ හරීන් ප්‍රනාන්දු සමඟ එක්වී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කර ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂගේ ඇමති මණ්ඩලයට එක්වීම එම විශේෂත්වයයි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම වීඩියෝව සම්බන්ධයෙන් උණුසුම් තත්වක් පැන නැගීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර ඇමතිවරුන් දෙදෙනා ෆේස්බුක් සටහන් තබමින් ව්‍යාජ කරුණු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරීමට උත්සාහ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn