පෑලියගොඩ මැනින් වෙළඳපොලේ ව්‍යාපාරිකයන් මේ වනවිට මුහුණ දී තිබෙන ප්‍රායෝගික ගැටළු ගණනාවක් පිළිබඳව ජාතික ජන බලවේගයේ නායකයින් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම වෙළඳපොලේ පවතින තත්වය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා අනුර කුමාර දිසානායක, විජිත හේරත් ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් අද (05) එහි නිරීක්ෂණ චාරිකාවක යෙදිනි.
මැනින් වෙළඳපොලේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එම නායකයින් හමුවී මේ වනවිට තමන් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව කරුණු දැක්වීය. එම වෙළඳපොලේ කසළ බැහැර කිරීම ඇතුළු පවිත්‍රතා කටයුතු නිසි පරිදි සිදු නොකිරීමත් පාරිභෝගිකයින් හට පහසුවෙන් ලඟාවිය හැකි පොදු මගී ප්‍රවාහන පහසුකම් නොතිබීමත් ඇතුළු එම වෙළඳපොලේ පොදු ගැටළු පිළිබඳව ව්‍යාපාරිකයින් විසින් ජාතික ජන බලවේගයේ නායකයින් හට කරුණු දැක්වීය.



Views: 0










