පසුගිය කාලය පුරාම රටේ සියලුම අංශ අනාරක්ෂිතභාවයේ සහ බිඳ වැටීමේ මාර්ගයක ගමන් කරවීමට රටේ පාලකයන් ක්‍රියාකළ අතර එම තත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගන්නා විකල්ප ප්‍රතිපත්ති පවතින්නේ ජාතික ජන බලවේගයට පමණක් බව අවධාරණය කෙරේ.
දත්ත විශ්ලේෂක හා කලමනාකරණ උපදේශක ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික චතුරංග අබේසිංහ මේ බව පැවසුවේ කෝට්ටේ ආසන සමුළුවේදී ය. එම සමුළුව අමතා ඔහු කළ සම්පූර්ණ කතාව පහතින් පළ කෙරේ.
“රට මේ යන ගමන සුබදායී නොවෙන බව ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජන බලවේගයත් කල් ඇතිවම ජනතාවට පෙන්වාදී තිබෙනවා. කලින් ඒ බව පිළිනොගත් ජනතාවත් දැන් රටේ ආර්ථිකය බංකොලොත් වී තමන්ගේ සීමාවට ප්‍රශ්න ආවාම ඒ ඇත්ත තේරුම් ගත්තා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කියන්නේ ධන හෝ ඍණ වශයෙන් බැලිය යුතු දේවල් නොවෙයි. බලශක්තිය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, තාක්ෂණය පෞද්ගලික අංශයට විවෘත කිරීමෙන් අනාරක්ෂිතභාවය ඇති වෙන බව පසුගිය කාලය පුරාම අපි පෙන්වා දුන්නා. නමුත් සමහර අය ඒ බව පිළිගත්තේ නැහැ. අපේ රටේ ඉන්ධන පිරවුම් හල් විදේශීය සමාගම් තුනකට ලබාදුන්නා. ඒත් අපිට අඩු මිලට තෙල් ලැබෙනවාද? අවසානයේ සිදුවුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාගත යුතුව තිබුණු ලාභය විදේශීය සමාගම්වලට පවරා දීමයි. මේ වගේ අත්දැකීම්වලින් තව තවත් ඉගෙන ගන්න බොහෝ දේවල් ජනතාවට තිබෙනවා. ආර්ථික විද්‍යාව කියන්නේ මිල මුදල් ගැන පමණක් අධ්‍යයනය කිරීම නොවෙයි. ජනතාවගේ තීරණ, ප්‍රතිචාර, වැනි දේවල් ගැන අධ්‍යයනය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්රයේ ගත් අත්තනෝමතික තීරණ නිසා කර්මාන්තකරුවන්, ජනතාව කොතරම් පීඩනයකට පත්වෙනවා දැයි තැකීමක් පාලකයන්ට නැහැ. ඔවුන් ගත් තීරණ නිසා ආර්ථිකයට සිදුවන බලපෑම දැන් හොඳින් දැකගන්න පුළුවන්. අපට අවශ්‍ය වන්නේ විකල්ප ආර්ථික, දේශපාලන, සංස්කෘතියක්. ඒ ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. කුහක නැති ජනතාව ජාතික ජන බලවේගය වටා වේගයෙන් එකතුවෙමින් සිටිනවා. ලංකාවේ පමණක් නොවෙයි, ලෝක මට්ටමින් පවා සමාජ, ආර්ථික පරිවර්තනයක නිදර්ශනයක් හැටියට ලංකාව පත්වෙන බව අපිට විශ්වාසයි.
දේශපාලනය හා දේශපාලකයාගේ වගකීම මිනිස් ජීවිත අඛණ්ඩව වර්ධනය කිරීමයි. කලාව, සංස්කෘතිය දියුණු කර, සංවේදී මනුෂ්‍යයෙක් බිහිකිරීමයි. 30%ක පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසකුත්, ඉහළම ධනපති පිරිසකුත්, මධ්‍යම පන්තියේ විශාල පිරිසකුත් කෝට්ටේ ආසනය තුළ ජීවත් වෙනවා. දරිද්‍රතාවයේ විෂම චක්‍රයට හසුවුණු අපේ දරුවන් නොයෙක් අපරාධවලට ගොදුරුවීමට ඉඩ හැර ඔවුන්ගෙන් ආරක්ෂා වීමට තාප්ප ඉදිකළාට වැඩක් නැහැ. කෝට්ටේ මහ නගර සභාව රුපියල් කෝටි 170ක පමණ වාර්ෂික ධනයක් උත්පාදනය කරනවා. කෝට්ටේ නගර සභාව තුළ වංචාවෙන්, දූෂණයෙන් තොර කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු පාලනයක් බිහිකිරීමට ජාතික ජන බලවේගය සූදානම්. ඒ වගේම තාක්ෂණයෙන් දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපි සකස් කර තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමත් අපේ මූලික වගකීමක්. මේ සියල්ල සලකා බලා ඉදිරි මාස 12 තුළ අපි සියලුම දෙනා විශේෂ ක්‍රියාකාරිත්වයකින් කටයුතු කර, ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙන්න ඕනෑ. ජාතික ජන බලවේගය සමග එකතු වී සිටින විද්වතුන් සහ වෘත්තිකයන් සමගින් නිරන්තරයෙන්ම අපේ දේශපාලන දැනුම වර්ධනය කර ගත යුතුයි. ඒ අවබෝධය නොඅඩුව ලබාගෙන දූෂිත පාලකයන් සහ දූෂිත ව්‍යාපාරික වළල්ල පළවා හැර ජනතාවට ජයග්‍රහණ අත්කර දෙන පාලනයක් වෙනුවෙන් සියලු දෙනාම පෙළ ගැසෙමු.”










