පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් අධිකරණයේ නඩු ගණනාවක් විභාග වෙමින් පවතින අතර එම නඩු විභාග සඳහා බලපෑම් සිදු කෙරෙන කරුණු ඇතුලත් කර රොහාන් ගුණරත්න ලියූ “Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community” පොත දොරට වැඩීමේ අවස්ථාවට නීතිපති සංජය රාජරත්නම් සහභාගීවීම පිළිබඳව මේ වනවිට සංවාදයක් ඇතිවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනා සමඟ සමීපව කටයුතු කරන මැති ඇමතිවරුන් එම උත්සවයට සහභාගී වී සිටි අතර රජයේ ප්‍රධාන නීති නිලධාරියා ලෙස නීතිපතිවරයා ද අදාළ අධිකරණමය කටයුතුවල පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරන අතර එම උත්සවයට සහභාගී වී තිබිණි. මහාචාර්ය රොහාන් ගුණරත්න ලියූ කෘතිය මගින් පාස්කු ප්‍රහාරය ISIS සංවිධානයේ ක්‍රියාවක් බව ප්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් දරා තිබේ.
මෙම මහාචාර්ය රොහාන් ගුණරත්න පිළිබඳව 2019 මැයි මාසයේ සිළුමිණ පුවත්පතේ පළකර තිබූ ලිපියකින් ඔහුට එරෙහිව චෝදනා රැසක් එල්ල කර තිබිණි. එසේ තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ රොහාන් ගුණරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ කෘතිය අළලා දිනමිණ පුවත්පත ඔහු paradormirmejor.org සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළකර තිබිණි. මහාචාර්ය රොහාන් ගුණරත්නට එරෙහිව 2019 මැයි 25 වෙනිදා සිළුමිණ පුවත්පත එල්ල කළ සියලු චෝදනාවලින් නිදහස් කර ඔහු වීරයෙකු බව සමාජ ගත කිරීමට 2023 අගෝස්තු 04 දිනමිණ පුවත්පත ප්‍රයත්න දරා තිබේ.














