සලේ අත්හැර රාජපක්ෂලා බේරා ගැනීමේ මෙහෙයුම අරඹයි

සලේ අත්හැර රාජපක්ෂලා බේරා ගැනීමේ මෙහෙයුම අරඹයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව අද (05) දින විශේෂ වීඩියෝ පටයක් විකාශනය කිරීම සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරය ලබාදීමත් සමඟ එම වීඩියෝවෙන් වගඋත්තරකරුවන් ලෙස දැක්වෙන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්හැර දමා රාජපක්ෂලා බේරා ගැනීමේ ප්‍රචාරක මෙහෙයුම් ඊයේ (04) වෙනිදා සිට ආරම්භ කර තිබේ.

මෙම වීඩියෝව මුදා හැරීම පසුගිය අගෝස්තු 15 වෙනි දින සිදු කිරීමට එම නාළිකාව මෙයට පෙර සැලසුම් කර තිබූ අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥයන් විසින් චැනල් 4 නාළිකාවට කරන ලද කරුණු දැක්වීම් අනුව එම වීඩියෝව විකාශනය කිරීම කල් දමා තිබිණි. අද දින එය විකාශනය කරන බව ප්‍රචාරය කිරීමත් සමඟ රාජපක්ෂලා නිදොස් කිරීමේ මෙහෙයුම් දියත් කරනු ලැබීය.

පසුගිය අගෝස්තු 15 වෙනි දින අදාළ වීඩියෝව විකාශනය කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය වාර්තාවීමෙන් පසුව මහාචාර්ය රොහාන් ගුණරත්න විශේෂයෙන් මැදිහත්වී පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදුකරන ලද්දක් නොවන බව ප්‍රකාශ කරමින් විශාල ප්‍රචාරයක් දියත් කරනු ලැබීය. මේ සඳහා ඔහු ග්‍රන්ථයක්ද සකස් කර තිබිණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේ වනවිටත් එම තනතුර දරමින් සිටින අතර ඔහු අත්හැර රාජපක්ෂලා මුදා ගැනීම වෙනුවෙන් පමණක් ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn