“රෝහල් ලඟ මල් ශාලා ඇරඹිය හැකියි“ – සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල; වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ අලුත්ම දත්ත මෙන්න

“රෝහල් ලඟ මල් ශාලා ඇරඹිය හැකියි“ – සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල; වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ අලුත්ම දත්ත මෙන්න

විශ්වාසභංග යෝජනාවකට මුහුණ දී සිටින සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රෝහල් ඉදිරිපිට මල් ශාලා ආරම්භ කළ හැකි බවට නරුම ප්‍රකාශ සිදුකරන අතර විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් රට අතහැරයාම පිළිබඳව තවත් දත්ත ප්‍රමාණයක් වාර්තා වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් 28 දෙනෙකු රට හැර දා ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිකර තිබේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කය තුළ ද රෝගීන්ට ප්‍රතිකාර ලබාදිය නොහැකි තරමට විශේෂඥ වෛද්‍යවරුන් රට හැර දා ගොස් ඇති බව හෙළිකර ඇත. මේ තුළින් සෞඛ්‍ය සේවාව බරපතළ පරිපාලනමය අන්තයකට කඩා වැටී ඇති බවත් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිනපතාම දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින බවත් එම සංගමය වැඩි දුරටත් හෙළිකර තිබේ.

මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පවතින තත්වය මාධ්‍ය මගින් හෙළිකර තිබෙන අතර අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙය හා සමානම බරපතළ තත්වයන් පවතින ආකාරය දිනපතා මාධ්‍යවලින් වාර්තා කරමින් පවතී.

Facebook
Twitter
LinkedIn