බඩගින්නට කොස් කන මිනිස්සු රනිල්ට පේන්න බැරිලු

බඩගින්නට කොස් කන මිනිස්සු රනිල්ට පේන්න බැරිලු

ප්‍රභූවරයෙකු ගමන් ගන්නා මාර්ගය හරහා කොස්ගෙඩියක් කර තබාගෙන තම දරුවාද සමග යාමට පැමිණි පුද්ගලයෙකු නතර කර තැබීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රවාත්තියක් පලවීමත් සමග එම ප්‍රභූවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ගලහ පොලිස්ථානාධිපති විසින් තහවුරු කර තිබේ.

පසුගිය 30වෙනි දින තම දහවල් ආහාරය සඳහා උඩුවරගෙදර සුදත් නමැති පියා තම දරුවාද සමග කොස්ගෙඩියක් කර තබාගෙන පැමිණ ඇත. එම අවස්ථාව වනවිට ගලහ පොලිස්ථානාධිපතිගේ නියෝග මත ප්‍රබූවරයා ගමන් ගන්නා මාර්ගයට සිවිල් වැසියන්ට හෝ වාහනවලට ඇතුළුවීම පොලිසිය විසින් අවහිර කර තිබී ඇත. උඩුවරගෙදර සුදත් එම මාර්ගය හරහා යාමට පැමිණ ඇති අතර පොලිසියෙන් එය වැලැක්වීම පිලිබඳව සමාජමාධ්‍ය සහ මුද්‍රිත පුවත්පත්වලින් වාර්තා කර තිබිනි.

මේ පිළිබඳව කරුණු සොයාබලන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය භාර සහකාර පොලිස් අධිකාරී සතරසිංහ ගලහ පොලිස්තානාධිපතිට නියෝග කර ඇත. ඒ අනුව ගලහ පොලිස්තානාධිපති සමන් ගුණසේකර විසින් සහකාර පොලිස් අධිකාරීට ලිඛිත කරුණු පැහැදිලි කිරීමක් කර ඇති අතර එම ලිපියෙන් අදාල මාර්ගයේ ගමන් ගෙන ඇති ප්‍රභූවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව තහවුරු කර තිබේ.

පොලිස්තානාධිපති එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ උඩුවරගෙදර සුදත් නමැති පියා තමන්ට තිබෙන ආහාර අහේනිය ඇතුලු දුගීබව පිළිබඳ කරුණු ජනාධිපතිට හෙළිකිරීමට සූදානම් යැයි ගලහ පොලිස්තානාධිපතිට වාර්තා වී තිබූ බැවින් ඔහුගේ ගමන නතර කරන ලද බවය.

Facebook
Twitter
LinkedIn