මරණය ඉදිරියේ හී ගැයූ විප්ලවකාර් ගායකයා ලෙස ඉතිහාසයට එක්වූ චිලී දේශයේ ප්‍රකට සංගීතඥ වික්ටර් හාරාගේ ඝාතනය සම්බන්ධයෙන් වසර 50කට පසු විශ්‍රාමික හමුදා නායකයන් ඇතුළු සෙබඑන් 07 දෙනකුට වසර 25ක් දක්වා කාලසීමාවක සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඝාතනයට ලක් වෙද්දී වික්ටර් හාරා 40 හැවිරිදි වියෙහි පසු විය.
මේ ජනතා හිතවාදී ගායකයා වද හිංසාවට ලක් කර ඝාතනය කරනු ලැබුවේ 1973දී වන අතර ඒ වනවිට ඇමරිකාවේ CIA සංවධානයේ කුමන්ත්රණයකින් චිලී දේශයේ නායකත්වයට පත් වූ ඔගස්ටෝ පිනෝෂේගේ රජයේ හමුදා කණ්ඩායමක් ඊට මුල් විය.
මේ වනවිට හමුදා සේවයෙන් විශ්‍රාම ලබා අවුරුදු 73 සහ අවුරුදු 85 අතර වයස් සීමාවේ පසුවන එම ඝාතකයන් 07දෙනා අපරාධ සම්බන්ධ චිලී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත සිය දඬුවම් කාලයට මුහුණ දීමට බන්ධනාගාරයට වාර්තා කළ යුතුව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.










