මහජන මුදල් යොදවමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මැති ඇමතිවරන්ගේ ආරක්ෂාවට යොදවා සිටින අතර මැති ඇමතිවරුන් නොවන ප්රභූන්ගේ ආරක්ෂාවටද පොලිස් නිලධාරීන් 2.179ක් යොදවා සිටින බව පාර්ලිමේන්තුවේදී හෙළිවී තිබේ.
ජගත් කුමාර සුමිත්‍රආරච්චි මන්ත්‍රීවරයා නගා තිබූ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ලබා දී තිබෙන පිළිතුරෙන් මේ බව හෙළිවේ.
මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සහායක සේවා ද ඇතුළුව පොලිස් දෙපාර්තමේන්තුවේ 86,537ක් සේවය කරන අතර එයින් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් 7,693ක් අනුයුක්ත කර ඇත. ඇමතිවරුන්ගේ ආරක්ෂාවට 563ක් ද, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට 1,891ක් ද ඒ අතරින් යොදවා ඇත.
ඇමතිවරුන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් 2,176 දෙනා පහත සඳහන් ආකාරයට බෙදී ගොස් ඇත.
විශ්‍රාමික ජනාධිපතිවරු, හිටපු ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මහ ඇමති සහ පළාත් සභා මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු, නගරාධිපතිවරු, දිසාපතිවරු, ආගමික නායකයින්, විනිසුරුවරු, දියවඩන නිලමේ, ප්‍රධාන පළාත් ලේකම්, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, කොමිෂන් සභා සාමාජිකයින්, හිටපු මහ බැංකු අධිපතිවරු, තානාපතිවරු, විවිධ රටවල කොමසාරිස්වරු, විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ නියෝග මත පත් කළ පොලිස් නිලධාරීන් අයත් වන බව එම පිළිතුරේ දැක්වේ.









