ජනාධිපති රනිල් පරදන සංවර්ධන සැලසුම් අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන්

ජනාධිපති රනිල් පරදන සංවර්ධන සැලසුම් අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩ ගන්නවා යැයි කියමින් අනුගමනය කරන ක්‍රියාමාර්ග තවදුරටත් තහවුරු කරන සංවර්ධන දර්ශක සකස් කිරීමේ තරඟයක් අගමැති දිනේෂ් ගුණවර්ධන ආරම්භ කර ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකට නිකුත් කළ නිවේදනයකින් හෙළිකර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන අනුගමනය කරන දර්ශක යොදා ගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් රට ගොඩ නගන්නේ යැයි පවසන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා කිරීම කිරීමට සූදානම් වී සිටී. බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) සහ බහුමාන අවදානම් දර්ශකය (MVI) මේ සඳහා යොදා ගැනීමට නියමිත අතර ප්‍රතිපත්ති සම්පාදකයන්, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය ද මෙම දර්ශක යොදා ගනිමින් අදාළ වාර්තා සකස් කරන ලෙස දිනේෂ් ගුණවර්ධන ඉල්ලා ඇත.

මෙම දර්ශක හඳුන්වාදීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා ඇතුළු නියෝජතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය මස 03 වෙනි දින අරලියගහ මන්දිරයේදී සිදු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වාර්තා කර ඇති අතර රජයේ නිල වෙබ් අඩවිය එම වාර්තාව පළකර තිබෙන්නේ අද (සැප්. 01) දිනයේ ය.

Facebook
Twitter
LinkedIn