දේශීය ණය කපා හැරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියක්ගේ භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලින් රජය ලබා ගෙන තිබෙන ණය කපා හැරීමට අදාළ සම්පූර්ණ තොරතුරු රාජ්‍ය කාරක සභාවෙන් ඉල්ලා ඇතත් මේ දක්වා එම තොරතුරු ලබාදී නැති බව හෙළිවී තිබේ.
එම අරමුදල් රාජ්‍ය ණය සඳහා යොදවා ඇති ආකාරය පිළිබඳව සවිස්තර වාර්තා සහ එම ණය කපා හැරීම යටතේ විශ්‍රාම අරමුදල්වලට පීඩනයන් එල්ල කෙරෙන ආකාර සම්බන්ධයෙන් සවිස්තර සැලසුම් එම කාරක සභාවි විසින් ඉල්ලා තිබේ. එහෙත් සැප්තැම්බර් මාසයේ 02 වෙනි ණය වාරිකය මුදා හැරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දේශීය ණය කපා හැරීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
මෙසේ තිබියදී රාජ්‍ය ගිණුම්කාරක සභාවට වඩා අදාළ වාර්තා ලබා නොදී හොර රහසේම එම ණය කපා හැරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් දියත් පකරනු ඇතැයි විශාල සැකයක් මතුවී ඇත.
Views: 0










