විදුලි රැහැනක පැටලී මව ජීවිතක්ෂයට – පුතා දියණිය රෝහලේ

විදුලි රැහැනක පැටලී මව ජීවිතක්ෂයට – පුතා දියණිය රෝහලේ

නාගොල්ලාගම තිඹිරිවැව ප්‍රදේශයේ ගෙවත්තක වල් ඌරන් දඩයම් කිරීම සඳහා නීති විරෝධී ලෙස ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක මිය ගොස් ඇති අතර ඇයගේ දියණිය හා පුතාටද විදුලි සැර වැදී රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

නිවසේ සුරතලයට ඇති කළ බැල්ලක අතුරුදන්ව සිටීම නිසා ඒ ගැන සොයා බැලීමට මව දියණිය සහ පුතා ගිය අවස්ථාවේ අනවසරයෙන් ඇද තිබූ මෙම විදුලි රැහැනේ පැටලී ඇති බව පොලිසිය කියයි.

විදුලි සැර වැදීම නිසා මෙසේ මියගොස් ඇත්තේ නාගොල්ලාගම තිඹිරි වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම් බිසෝ මැණිකේ නැමැති 58 හැවිරිදි කාන්තාවකි.

වල් ඌරන් දඩයම් කිරීම සඳහා අනවසර විදුලි රැහැනක ඇද්ද බව කියන 56 හැවිරිදි ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn