රටට ඩොලර් උපයන්න ගිය මව් පරපුරේ 15ක් වද කඳවුරක

රටට ඩොලර් උපයන්න ගිය මව් පරපුරේ 15ක් වද කඳවුරක

විදේශ විනිමය ඉපයීම සඳහා සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කාන්තාවන් 15 දෙනෙකු කාමරයක සිර කරගෙන සිටින බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ ඥාතීන්ට හෙළිදරව් කර තිබේ.

මෙම කාන්තාවන් පිළිබද සම්පූර්ණ විස්තර මාධ්‍යවේදීන්ටද ලබා දී ඇති අතර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සහ ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවන මෙන් එමගින් ඉල්ලීම් කර ඇත. මේ වනවිට මාස ගණනාවක් එම කාමරයක සිර ගත කරගෙන සිටින බවත් දිනපතා ඔවුන් කිහිපදෙනා බැගින් මාරු කරමින් විවිධ පුද්ගලයන් වෙත අලෙවි කරන බවත් එම වීඩියෝ පටයේදී හෙළි කර ඇත.

මෙම පිරිස පිළිබඳ විස්තර හෙළි දරව් කර තිබෙන්නේ අනුරාධපුර, පුත්තලම, දඹුල්ල යන ප්‍රදේශවල කාන්තාවන් තිදෙනෙකුගේ මැදිහත්වීමෙන්ය. මෙම තොරතුරු ලබාදීම පිළිබඳවද ඔවුන් බියකින් පසුවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn