කෙහෙළිය ගලවාගන්න රනිල්ගෙන් පුළුල් මෙහෙයුමක්

කෙහෙළිය ගලවාගන්න රනිල්ගෙන් පුළුල් මෙහෙයුමක්

මෙරටට බාල ඖෂධ ආනයනය කළ බව අදාල ආයතනවලින්ම තහවුරු කර තිබියදීත් එහි වගකීමෙන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුමේ ප්‍රධානම කටයුත්ත වී තිබෙන්නේ ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරු සහභාගී වීම අනිවාර්ය කර තිබීමය. එසේම මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අතිශය සමීපව කටයුතු කරන නිමල් ලන්සා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පෞද්ගලිකව කතා කරමින් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විවාදයට ගන්නා විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙස බලපෑම් කරමින් සිටී.

මෙම මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල බරක් තබා ඇත්තේ මෙම මස මැද භාගයේදී ඔහු සහභාගී වන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ආණ්ඩුවේ ස්ථාවර භාවය සනාත කිරීමට බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn