රනිල් දැනටමත් EPF අරමුදල කෝටි දහස් ගණනකින් වට්ටලා

රනිල් දැනටමත් EPF අරමුදල කෝටි දහස් ගණනකින් වට්ටලා

දේශීය ණය කපා හැරීමේ වැඩසටහනේ ආරම්භය සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මත සම්පූර්ණයෙන්ම තබා ඇති අතර මෙයට පෙරද රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති සහ ජනාධිපති යටතේ එම අරමුදල විශාල වශයෙන් බිඳ වට්ටා ඇති බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ශික වාර්තාවෙන් මෙයට අදාල තොරතුරු හෙළික ර තිබේ.

2021 වසරේදී එම අරමුදල රුපිය්ල කෝටි 29,910ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර 2022 වර්ශය අවසානයේදී එම ශුද්ධ ලාභය රුපියල් කෝටි 26,410ක් දක්වා බිඳවැටී ඇත. මෙයට හේතු වී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොලේ සූදු සඳහා EPF අරමුදල් යෙදවීමය. එයින් රුපියල් කෝටි 4,090ක අලාභයක් එම අරමුදලට සිදුකර ඇත.

රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේදී මුදල් ඇමති ධුරය සහ අගමැදි ධුරය ගෝටාබය රාජපක්ෂ වෙතින් ලබාගත් අතර එම වසරේ ජූලි මාසයේදී පොහොට්ටු මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ ඡන්දයෙන් ඡනාධිපති වශයෙන් තෝරාගැනීමෙන් පසු මෙම අරමුදල්වලට විශාල වශයෙන් බලපෑම් සිදුවන ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙයින් තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn