මෙරටට පිටි ආනයනය තහනම් කරමින් සමාගම් දෙකකට අති වශාල ලාභයක් උපයා ගැනීමට හැකිවන පරිදි මුදල් ඇමති රනිල් වික්රමසිංහ විසින් නිකුත් කර තිබූ මතභේදාත්මක ගැසට් නිවේදනය පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී මෙන්ම අවස්ථා ගණනාවකදී අනාවරණය කිරීමෙන් පසුව අද (29) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එය හකුළාගෙන තිබේ.
එම හෙළිදරව්වෙන් පසුව රට තුළ විශාල සංවාදයක් මේ සම්බන්ධයෙන් මතු වූ අතර තවත් විවිධ පාර්ශව ගණනාවක් විසින් මේ පිළිබඳව ආණ්ඩුවෙන් ප්රශ්න කර තිබිණි. මෙම තත්වය හමුවේ රනිල් වික්රමසිංහ මුදල් ඇමති ලෙස අදාල ගැසට් නිවේදනය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කර ඇත.
කෙසේ නමුත් මෙම තීරණයත් සමග පිටි ආනයනය සඳහා අවසර ලැබුණද එම ආනයනික තොග මෙරටට ලැබීම ලබන නොවැම්බර් මාසය පමණ දක්වා කල් යනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
Views: 1










