ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
ඒ සම්බ්නධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා ඊයේ (27) මෙම තීරණය ගත් බවය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් 2023 වසරේ ජනවාරි 21 වනදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවන ලදී.
Views: 0










