වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයකු එල්ලකර වෙඩි තැබීම සිදුකර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 47ක පුද්ගලයෙකි.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn