මහින්දට අගමැති අපේක්ෂකත්වය දුන්නැයි කීම බොරුවක්!

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කණ්ඩායම තුළ තරග කරන කිසිවෙකුත් අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීන්දු කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

වැඩි දුරටත් එම නිවේදනයේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගනු ලැබුවහොත් තේරී පත්වන සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත අගමැතිවරයකු පත් කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු එකඟතාවක් පළ කර නොමැති බව සඳහන් වේ.

මේ වනවිට රාජපක්ෂ පිල විසින් ප්‍රචාරයක් යවමින් සඳහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දීමට එකඟවී ඇති බවය.

Facebook
Twitter
LinkedIn