කළුතර බේරුවල හෙට්ටියමුල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රැකියා පත්වීම් ලබා දෙමින් සිටින බව වාර්තා වේ.
මෙරට මැතිවරණ නීතිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවා ඇති මොහොතක රජයේ කිසිදු ආයතනයකට අදාළව රැකියා ලබාදිය නොහැකි අතර එය නීතිවිරෝධී කටයුත්තක්ද වන්නේය.
ඒ අනුව රටේ මූලික නීතිය පවා උල්ලංඝනය කරමින් සිය මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට ගෙන්වාගත් පුද්ගලයන්ට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතිවිරෝධී ලෙස රජයේ රැකියා පත්වීම් ලබා දෙමින් සිටී.
Views: 0









